අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ මරදාන ශාන්ත ජෝෂප් විදුහල අතර ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. 
එහිදී සහන් දාබරේ (66) සහ කනිෂ්ක දිසානායක (නොදැවී 56) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම මාලන් පඬිකෝරල ලකුණු 10 කට කඩුලු 6 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
	ශාන්ත ජෝන් විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 92  
	(ආකාෂ් ප්‍රනාන්දු 27, මාලන් පඬිකෝරල 10/6, හේෂාන් රාමනායක 16/2) 
	ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 36 කදී කඩුලු 4 ක් දැවී 174  
	(සහන් දාබරේ 66, කනිෂ්ක දිසානායක නොදැවී 56, ඕෂද ගුණසිංහ 26, කවිෂ්ක ප්‍රනාන්දු 65/2) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.