Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා විදුහලට කඩුලූ 7 ක ජයක්

ශාන්ත ආනා විදුහලට කඩුලූ 7 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තලදී පැවැති තරගයකදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන වත්තල ශාන්ත අන්තෝනි විදුහල පරදවා කඩුලූ 7 ක ජයක් වාර්තා කිරීමට කුරුණැගල ශාන්ත ආනා විදුහල සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 72, කඩුලූ 3 ක් පමණක් දැවී රැස්කර ගැනීමට ශාන්ත ආනා විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.

හිමාල් හසරංග (78) සහ මෙහොමඞ් අෆ්සාල් (69) ශාන්ත ආනා විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර මෙහොමඞ් අෆ්සාල් සහ යොහාන් කල්හාර කඩුලූ 6 බැගින් දවාලමින් ශාන්ත අන්තෝනි විදුහලේ පිතිකරුවන් අසරණ තත්ත්වයකට පත්කළහ.


ශාන්ත අන්තෝනි විදුහල - පළමු ඉනිම - ඕවර 41 කදී සියලූ දෙනා දැවී 136
(ප‍්‍රභාත් ඩැනියෙල් 34, චරිත් බුද්ධික 23, මෙහොමඞ් අෆ්සාල් 33/4, ජනිත් පෙරේරා 52/3, යොහාන් කල්හාර 27/3)

ශාන්ත ආනා විදුහල - පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලූ දෙනා දැවී 265
(හිමාල් හසරංග 78, මෙහොමඞ් අෆ්සාල් 69, වනිත වන්නිනායක 41, මල්ෂාන් පෙරේරා 21, රන්දීර රණසිංහ නොදැවී 20, චරිත් බුද්ධික 32/2, ශම්සුල් මුනීර් 58/3, ශාමල් උඩවත්ත 42/2)

ශාන්ත අන්තෝනි විදුහල - දෙවැනි ඉනිම - ඕවර 65 කදී සියලූ දෙනා දැවී 201
(චරිත් බුද්ධික 27, ගීත් මධුසංක 26, ශාමල් උඩවත්ත 24, ජෙකොබ් සචින් 23, ගයාෂ් කුමාරසිංහ 33/3, යොහාන් කල්හාර 60/3, මෙහොමඞ් අෆ්සාල් 41/2)

ශාන්ත ආනා විදුහල - දෙවැනි ඉනිම - ඕවර 13.3 කදී කඩුලූ 3 කට 73
(හිමාල් හසරංග 44)


- 036


අදහස් (0)

ශාන්ත ආනා විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.