අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 10 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී අයි. ගලපිටිය නොදැවී ලකුණු 57 ක්ද, තිසර ඒකනායක නොදැවී ලකුණු 38 ක්ද රැස්කරමින් ශාන්ත අන්තෝනි විදුහලේ ජයග්‍රහණය තහවුරු කළහ.
ශ්‍රී රාහුල විදුහල - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 104
(කාව්‍ය යාපා 28, විසල් ගාඩිවසම් 23, ඉෂාර මධුවන්ත 10/2, ජනිත රත්නසිරි 12/2, හේෂාන් යාපා 22/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 31 කදී කිසිවකු නොදැවී 106
(අයි. ගලපිටිය නොදැවී 57, තිසර ඒකනායක නොදැවී 38)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.