අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර වත්තල ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. 
එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් තේරික ආකාෂ් (59) සහ සිතුම් නිමේෂ් (50) ද, ගුරුකුල විදුහල වෙනුවෙන් දෙනුර දෙවන්සිත් (නොදැවී 69) අර්ධ ශතක ලබාගත්හ.
	ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 8 ක් දැවී 201  
	(තේරික ආකාෂ් 59, සිතුම් නිමේෂ් 50, විෂ්මිත නිරෝධ 46, සිතිල් ගීනාත් 20, සත්සර ඒෂාන් 20/2, හර්ෂණ ජනිත් 50/2) 
	ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 3 ක් දැවී 119  
	(දෙනුර දෙවන්සිත් නොදැවී 69, වගීෂ ආමන්ත 27) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.