Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ශා.සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය බලපිටිය පුහුණු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ කවිඳු ඉරෝෂ් (149) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශෙහාන් සිල්වා කඩුලු 8 ක් සහ සිතුම් අකලංක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


රේවත විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලුදෙනා දැවී ලකුණු 164
(චාතූන් කාව්‍ය 36, අවිශ්ක දිල්ශාන් 23, දිමුතු කුමාර 23, සිතුම් අකලංක 32/5, ශෙහාන් සිල්වා 32/3)

ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී ලකුණු 233
(කවිඳු ඉරෝෂ් 149, රශ්මික මෙන්ඩිස් 36, දිමුතු කුමාර 66/5, කවිඳු දිල්හාර 73/3)

රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී සියලුදෙනා දැවී ලකුණු 91
(අවිශ්ක දිල්ශාන් 35, ශෙහාන් සිල්වා 28/5, දිල්ශාන් ප්‍රමෝද් 30/3)

ශා. සෙබස්තියන් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 3.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 23

 


අදහස් (0)

ශා.සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.