Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී පානදුර රාජකීය විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 42 ක ජයක් හිමිකර ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය ඊයේ (18 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රවිඳු දිල්ශාන් අර්ධ ශතකයක් සහ ශෙෂාන් උදාර කඩුලු 5 ක් දවාගනිමින් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.

රාජකීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 124
(දුලන්ත කවිඳු 35, ධනංජය ප්‍රසාද් 24, රවිඳු දිල්ශාන් 09/2, අශේන් චාරුක 10/2, ශේශාන් සිල්වා 22/2, දිල්ශාන් ප්‍රමෝද් 22/2)

ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලුදෙනා දැවී ලකුණු 236
(රවිඳු දිල්ශාන් 60, කවිඳු ඉරෝෂ් 32, සමිත දිල්ශාන් 27, දිල්ශාන් මදුශංක 28, බනුර ප්‍රසන්නජිත් 80/4, මාලින්ද සංජය 33/2, දුලන්ත කවිඳු 39/2)

රාජකීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 26.3 කදී සියලුදෙනා දැවී ලකුණු 70
(ශේශාන් උදාර 35/5, අශේක් චාරුත 10/2, ශේශාන් සිල්වා 12/2)


අදහස් (0)

ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.