Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 60 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ මහේෂ් තීක්ෂණ තුන් ඉරියව් දස්කම් දක්වමින් ශතකයක් (120) සහ ලකුණු 70 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.
ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(සචින් සංගීත් 29, මහේෂ් තීක්ෂණ 19/5, ප්‍රිත්වි ජෙගරාජසිංහම් 14/3)
ශා. බෙනඩික් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 300
(මහේෂ් තීක්ෂණ 120, කවීෂ ජයතිලක නොදැවී 66, රයන් සෙලිසිංහ 45, ඉමේෂ් ප්‍රනාන්දු නොදැවී 39, කවිඳු නදීශාන් 63/2, ඉසුරින්ද මෙන්ඩිස් 97/2)
ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 66.4 කදී සියලුදෙනා දැවී ලකුණු 154
(අශාන්ත ද සිල්වා 43, සචින් සංගීත් 34, අරෝෂ ද සොයිසා 31, කවීශ ජයතිලක 18/5, ජේසන් චාල්ස් 32/2, මහේෂ් තීක්ෂණ 51/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.