Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.පීතරයන්ට පළමු ඉනිමේ ජයක්

ශා.පීතරයන්ට පළමු ඉනිමේ ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාලිත් ප්‍රනාන්දු සහ රන්මිත් ජයසේන අර්ධ ශතක රැස්කරමින් ශාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කනිෂ්ක රංතිලකගේ සහ ළහිරු හිරන්ය අර්ධ ශතක රැස්කරමින් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

ආනන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.3 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(ළහිරු හිරන්ය 57, කමේෂ් නිර්මාල් 31, හසිඳු ශාමික 25, ශිවන් පෙරේරා 13/3, ටාරික් සබූර් 37/3, මොහොමඞ් අම්මන් 43/2)

ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 282
(ශාලිත් ප්‍රනාන්දු 95, රන්මිත් ජයසේන 91, ශැනන් ප්‍රනාන්දු 65, චාමික ගුණසේකර 68/2)

ආනන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 57.4 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 155
(කනිෂ්ක රංතිලකගේ 58, ළහිරු හිරන්ය නොදැවී 51, හසිඳු ශාමික 20, ශිවන් පෙරේරා 39/3)


අදහස් (0)

ශා.පීතරයන්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.