Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.ඇලවිෂියස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ශා.ඇලවිෂියස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයේ කවිත දිල්ශාන් කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 283
(අශේන් බණ්ඩාර 101, ගිම්හාන් ආශීර්වාද 39, රවිඳු සංජන 28, නිලූශ දුල්මිණ 27, සංදීප සමෝද් 25, පසිඳු ආදිත්‍ය 28/2, මුදිත ලක්ෂාන් 62/2)

ඩී.එස්. සේනානායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 46.2 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(චමත් යටවර 24, නිලූශ දිල්මිණ 16/3, කවිත දිල්ශාන් 27/5)

ඩී.එස්. සේනානායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(චමත් යටවර 53, පසිඳු අවිශ්ක 47, හරින් බුද්ධිල 48/4, කවිත දිල්ශාන් 58/4)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 2.1 කදී කිසිවකු නොදැවී ලකුණු 11


අදහස් (0)

ශා.ඇලවිෂියස් විද්‍යාලයට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.