Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයට එරෙහිව ලකුණු 140 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ මොහොමඞ් අමීන් ලකුණු 37 කට කඩුලු 8 ක්ද සචින් සිල්වා ලකුණු 44 කට කඩුලු 6 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශශික දුල්ශාන් ලකුණු 68 කට කඩුලු 8 ක් දවාගනිමින් මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශා. පීතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලුදෙනා දැවී ලකුණු 138
(පබසර හේරත් නොදැවී 36, ශලිත් ප්‍රනාන්දු 23, ශශික දුල්ශාන් 28/4, තිලාන් ප්‍රශාන් 24/2, චරිත් හර්ෂණ 41/2)
ශා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී ලකුණු 66
(මොහොමඞ් අමීන් 11/3, සචින් සිල්වා 14/3, පබසර හේරත් 07/2, තාරික් සබූර් 14/2)
ශා. පීතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 45.4 කදී සියලුදෙනා දැවී ලකුණු 137
(සුලක්ෂණ ප්‍රනාන්දු 34, ශැනන් ප්‍රනාන්දු 26, ශශික දුල්ශාන් 40/4, කේශර නුවන්ත 41/4)
ශා. සර්වේශස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 51.3 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(පුෂ්පික දිල්ශාන් 32, මොහොමඞ් අමීන් 26/5, සචින් සිල්වා 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.