Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 72 ක ජයක්

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 72 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2020 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු විද්‍යාලය අතර ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 28 වැනි එක්දින තරගය ලකුණු 72 කින් ජයගැනීමට ශ්‍රී සුමංගල විද්‍යාලය අද (08 වැනිදා) සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී සුමංගල විද්‍යාලයට ඕවර 48.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 220 ක් පමණි.

තරන සිල්වා (63) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ප්‍රභාත් ජයසේකර ලකුණු 37 ක්, ශාලුක පිරීස් ලකුණු 34 ක් සහ මිහිරංග ප්‍රනාන්දු ලකුණු 33 ක් ලබාගනිමින් සුමංගල විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ.

චමල්ක පුෂ්පකුමාර කඩුලු 3 ක් සහ විශ්ව දිඹුලන කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය මොරටු විද්‍යාලීය පිතිකරුවන්ට ඕවර 46.4 කදි සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 148 ක් පමණි.

ලකුණු 38 ක් ලබාගත් සමන්ත පුෂ්පකුමාර මොරටු විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන විට සුකිත දෙව්තිළිණ ලකුණු 25 ක් ලබාගත්තේය.

විදූශ පිරීස් කඩුලු 4 ක් ද, අනුක ජයසිංහ සහ විශ්ව කුමාර කඩුලු 2 බැගින් දවාගනිමින් ශ්‍රී සුමංගල විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.


ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 48.5 කදී සියලුදෙනා දැවී 220
(තරන සිල්වා 63, ප්‍රභාත් ජයසේකර 37, ශාලුක පිරීස් 34, මිහිරංග ප්‍රනාන්දු 33, චමල්ක පුෂ්පකුමාර 14/3, විශ්ව දිඹුලන 30/2)

මොරටු විද්‍යාලය - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී 148
(සමන්ත පුෂ්පකුමාර 38, සුකිත දෙව්තිළිණ 25, විදූශ පිරීස් 26/4, අනුක ජයසිංහ 17/2, විශ්ව කුමාර 25/2)

 


අදහස් (0)

ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 72 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.