
ශ්‍රී ලංකා යොවුන් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාවේ තණතීරු තමන්ට ප්‍රශ්නයක් නොවන බව පාකිස්තානු යොවුන් පිලේ නායක රොහේල් නසීර් කියයි. තරගාවලියේ පළමු තරගය හෙට (26 වැනිදා) හම්බන්තොට සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
“අපේ පුහුණුකරුවන් අපව සූදනම් කළේ ශ්‍රී ලංකාවේ දඟ කැවෙන සුළු තණතීරුවලට මුහුණ දීමටයි. ඒ නිසා මේ තණතීරු අපට ප්‍රශ්නයක් වෙන එකක් නෑ” යයි කී පාකිස්තානු යොවුන් පිලේ නායක රොහේල් නසීර්...“කණ්ඩායම් දෙකම සූදානම් වෙන්නේ ලබන වසරේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියටයි. ඒ නිසා මේක හොඳ තරගාවලියක් වේවි” යයිද පැවසීය.
දෙරට අතර පැවැත්වෙන තරගාවලිය එක්දින තරග 5 කින් සමන්විත වන අතර දෙපිලම ලබන වසරේදී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ගේ කණ්ඩායම් සූදානම් කරගැනීම පිළිබඳ අවධානයෙන් පසුවෙයි.
ශ්‍රී ලංකා සංචිතය සඳහා නායකයන් දෙදෙනකු නම්කර තිබේ. පළමු තරග තුනේදී නිපුන් ධනංජය ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය දරන අතර කමිල් මිෂාර අවසන් එක්දින තරග දෙකේදී ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙයවනු ඇත.
කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම ඉදිරිපෙළ පිතිකරුවකුද වන රොහේල්, පාකිස්තානයේ අන්තර් කලාපීය එක්දින තරගාවලියේදී ඉතාමත් සාර්ථක දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. එහි තරග 7 කදී ලකුණු 238 ක් ලබාගැනීමට රොහේල් සමත් විය. මෙම තරගාවලියේදීම දස්කම් දැක්වූ තවත් ක්‍රීඩකයකු වන සියාම් අයුබ්, තරග 7 කදී ලකුණු 325 ක් රැස්කළේ ශතක දෙකක්ද ලබාගනිමිනි. එහිදී අයුබ්ගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 65.00 ක් ඉක්මවා තිබිණ.
ශ්‍රී ලංකා යොවුන් සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර (උප නායක), නවෝද් පරණවිතාන, මොහොමඞ් ෂමාස්, සොනාල් දිනූෂ, අවිශ්ක තරිඳු, චමිඳු විජේසිංහ, දිලුම් තිලකරත්න, රොහාන් සංජය, අෂේන් ඩැනියෙල්, ඩිල්ෂාන් මධුශංක, පවන් රත්නායක, රවිඳු රෂාන්ත, නවීන් ප්‍රනාන්දු, රවීන් ද සිල්වා සහ සඳුන් මෙන්ඩිස්
පාකිස්තානු යොවුන් සංචිතය
රොහේල් නසීර් (නායක), මොහොමඞ් තහා, අබ්බාස් අෆ්රීඩි, අක්තාර් ෂා, බසිත් අලි, හයිදර් අලි, කයිමන් ඛාන්, මොහොමඞ් හැරිස්, මොහොමඞ් ජුනයිඞ්, මොහොමඞ් වසිම්, නියාස් ඛාන්, සයිම් අයුබ්, ෂිරාස් ඛාන්, සුලෙයිමන් ෂෆාක්, කසිම් අක්රම්
..
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.