Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට 3-0 ක පරාජයක්

ශ්‍රී ලංකාවට 3-0 ක පරාජයක්

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාව යටතේ අද (21) අවසන් වූ තරගාවලියේදී එංගලන්ත ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ. එංගලන්ත පිල මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු හයක් හිමිකරගත්තේය.
 
ශ්‍රී ලංකා පිල මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලි පහක තරග 15 කින් තරග 14 ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.     
 
කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී එංගලන්ත පිල කඩුලු අටක පහසු ජයක් ලැබීය. 
 
එංගලන්ත පිතිකාරියෝ ලකුණු 175 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 26.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. එංගලන්ත ආරම්භක පිතිකාරියන් වූ ඇමි ජෝන්ස් (76) සහ ටමීම් බියුමන්ට් (63) ලකුණු 127 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
 
හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන එකම සාර්ථක පන්දු යවන්නිය බවට පත්වෙමින් ලකුණු 56 කට කඩුලු දෙකක් දවාගත්තාය. හර්ෂිතා මාධවී නැවතත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72 කදී හතරේ පහර පහක් සමගින් ලකණු 42 ක් රැස්කිරීමට සමත් වූවාය. මාධවී දෙවැනි තරගයේදී ද ලකුණු 42 කට දැවී යෑම කැපී පෙනේ.  
 
හර්ෂිතා මාධවී සහ හංසිමා කරුණාරත්න (28) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 53 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 174 ක් දක්වා ඒමට මඟ පෑදුණි. 
 
 දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පී. සරවනමුත්තු මේ මස 24 වැනිදා ආරම්භ වේ. 
 
ලකුණු පුවරුව
 
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
 
හසිනි පෙරේරා - ප. ක්‍රොස් 4
චමරි අතපත්තු - ක. මූ. කළා ප. ක්‍රොස් 6
අනුෂ්කා සංජීවනි - ඇ. මාෂ් ප. හර්ට්ලි 15
ශෂිකලා සිරිවර්ධන - ඇ. විල්සන් ප. මාෂ් 11
හර්ෂිතා මාධවී - ඇ. සහ ප. ප. හර්ට්ලි 42
හංසිමා කරුණාරත්න - ක. මූ. කළා ප. ශයුබ්සොල 28
නිලක්‍ෂි ද සිල්වා - දුවද්දී දැවී ගියා 18
ඕෂදී රණසිංහ - දුවද්දී දැවී ගියා 29
අචිනි කුලසූරිය - නොදැවී 8
සුගන්දිකා කුමාරි - ප. ශයුබ්සොල 3
ඉනෝෂි ප්‍රනාන්දු - දුවද්දී දැවී ගියා 1
අතිරේක 7
එකතුව ඕවර 50 කදී සියලු දෙනා දැවී 174
කඩුලු වැටීම:
1-6(හසිනි), 2-18(අතපත්තු), 3-33(ශෂිකලා), 4-52(සංජීවනි), 5-105(හංසිමා), 6-127(මාධවී), 7-162(ඕෂදී), 8-162(නිලක්‍ෂි), 9-170(සුගන්දිකා), 10-174(ඉනෝෂි)       
පන්දු යැවීම:
ආන්යා ශ්‍රබ්සෝල්: 9-1-30-2, කැති ක්‍රොස්: 10-1-25-2, ලෝරා මාෂ්: 10-1-41-1, නටාලි ෂීවර්: 7-2-22-0, ඇලෙක්ස් හර්ට්ලි: 8-0-39-2, හෙදර් නයිට්: 6-0-16-0
 
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
 
ඇමි ජෝන්ස් - ප. ශෂිකලා 76
ටැමී බියුමන්ට් - ප. ශෂිකලා 63
ලෝරින් වින්ෆීල්ඞ් - නොදැවී 29
හෙදර් නයිට් - නොදැවී 3
අතිරේක 6
එකතුව ඕවර 26.1 කදී කඩුලු 2 ක් දැවී 177
කඩුලු වැටීම:
1-127(ජෝන්ස්), 2-164(බියුමන්ට්)
පන්දු යැවීම:
අචිනි කුලසූරිය: 5-1-17-0, ඉනෝෂි ප්‍රනාන්දු: 3-1-21-0, ඕෂදී රණසිංහ: 1-0-10-0, හංසිමා කරුණාරත්න: 1-0-10-0, සුගන්දිකා කුමාරි: 7-0-45-0, ශෂිකලා සිවර්ධන: 7.1-0-56-2, චමරි අතපත්තු: 2-0-15-0 
 
- 048

අදහස් (0)

ශ්‍රී ලංකාවට 3-0 ක පරාජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.