Last Update  :  2025-05-09 20:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් කරනු ලබන වාර්ෂික යාවත්කාලීන කිරීම්වලට අනුව එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 2 ක් ඉදිරියට එමින් සිවුවැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. 

ඒ අනුව එක්දින ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ පසුවූ පාකිස්තානය සහ 5 වැනි ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකාව පසුපසට ඇද දමමින් එහි 6 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත ලකුණු 104 ක් ලබා සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. 

2021 සහ 2022 වසරවලදී එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, 2023 වසරේ මැයි මාසය වන විට එහි 9 වැනි ස්ථාන දක්වා පහළට වැටිණ. කෙසේ වුවත් එම වසරේම සැප්තැම්බර් මාසයේදී යළිත් 8 වැනි ස්ථායටත්, නොවැම්බර් මාසයේදී 7 වැනි ස්ථානයටත් ලඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.

එලෙස කෙමෙන් කෙමෙන් එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේ අගෝස්තු මාසය වන විට එහි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය. මෙම වසර (2025) වසර ආරම්භ කරන විටත් 6 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව, වසර ගණනාවකට පසුව ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය හිමිකර ගත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීය. 

ඉකුත් වසරේ (2024) මැයි මාසයේ සිට මේ දක්වා එක්දින තරගාවලි 5 කට සහභාගි වී ඇති ශ්‍රී ලංකාව ඉන් තරගාවලි 4 ක්ම ජයගනිමින් දැක්වූ දස්කම් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වලට ඉහළට ඒමට පාදක වී තිබේ. එහිදී එක්දින තරග 14 කට ක්‍රීඩා ඇති ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම, ඉන් තරග 9 ක් ජය ගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 3 ක් පමණි. එක් තරගයක් ලකුණු සම වීමෙන්ද, තවත් තරගයක් විසඳුමකින් තොරවද අවසන් වී තිබේ. 

ගෙවී ගිය වසර තුළ ඉන්දියාවට එරෙහිව 2-0 ක් ලෙසද, බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2-1 ක් ලෙසද, නවසීලන්තයට එරෙහිව 2-0 ක් ලෙසද, ඕස්ටේ්‍රලියාවට එරෙහිව 2-0 ක් ලෙසද මෙරටදී පැවැති එක්දින තරගාවලි ජය ලබා ඇති ශ්‍රී ලංකාව, 2-1 ක් ලෙස පරාජය වී ඇත්තේ නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී පැවැති එක්දින තරගාවලිය පමණි. 

මේ වන විට වාර්ෂික යාවත්කාලීන කිරීම්වලට අනුව එක්දින ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, එහිදී ඉන්දියාවට (ලකුණු 124), නවසීලන්තයට (ලකුණු 109) සහ ඕස්ට්‍රේලියාවට (ලකුණු 109) පමණක් පසුපසින් සිටියි. 

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පාකිස්තානය (ලකුණු 104), දකුණු අප්‍රිකාව (ලකුණු 96), ඇෆ්ඝනිස්ථානය (ලකුණු 91) සහ එංගලන්තය (ලකුණු 84) යන රටවල් ශ්‍රී ලංකාවට පසුපසින් පිළිවෙලින් 5 වැනි, 6 වැනි, 7 වැනි සහ 8 වැනි ස්ථානවල රැදී සිටියි. 

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ශ්‍රේණිගත ස්ථානයේ කිසිදු වෙනසක් සිදු නොවී ඇති අතර තවදුරටත් ඔවුන් 6 වැනි ස්ථානයේම රැදී සිටියි. එහෙත් විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ සිට 7 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකාවට හැකි වී තිබේ. 


අදහස් (0)

ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉහළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.