
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර බෙලගාවිහිදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගය, පළමු දිනය (25 වැනිදා) සඳහා නතර කරන විට කාසියේ වාසිය දිනා පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 376 ක් ලබා සිටියේය.
පළමු දිනය සඳහා නතර කරන විට ආරම්භක පිතිකරු අභිමන්‍යු ඊෂ්වරන් ලකුණු 189 ක්ද, ජයන්ත් යාදව් ලකුණු 6 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. පළමු දිනය පුරා නොදැවී පන්දුවට පහරදුන් ඊෂ්වරන්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 17 කින් සමන්විත විය.
නායක ප්‍රියන්ක් පන්චාල් (160) සමග එක්ව ඉන්දීය ‘ඒ’ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 352 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඊෂ්වරන් සමත් වූ අතර පන්චාල්ගේ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් අන්තර්ගත විය.
පළමු දිනයේදී ඉන්දීය පිතිකරුවන් දවාගැනීම සඳහා තමාද ඇතුළුව පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියන්ජන් කටයුතු කළ නමුත් ඔවුන් අතරින් කඩුල්ලක් දවාගැනීමට සමත් වූයේ විශ්ව ප්‍රනාන්දු පමණි.
ඉන්දීය ‘ඒ’ කණ්ඩායම - පළමු ඉනිම - කඩුල්ලක් දැවී 376
(ප්‍රියන්ක් පන්චාල් 160, අභිමන්‍යු ඊෂ්වරන් ලකුණු 189)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.