Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (06 වැනිදා) පළමු වැනි පෙරහුරු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 02 ක තියුණු ජයක් ලබාගත්හ.
අවසන් ඕවර දෙකේදී අයර්ලන්තයට ලකුණු 15 ක් අවශ්‍ය වී තිබිණ. ඕෂධී රණසිංහ යැවූ 19 වැනි ඕවරයෙන් ලකුණු 11 ක් ලබාගත් අර්ලීන් කෙලී (30) සහ කාරා මරේ (2) අවසන් ඕවරයේදී ජයග්‍රහණයට දුර ලකුණු 4 ක් දක්වා අඩුකළහ. එහෙත් සුගන්ධිකා කුමාරි යැවූ අවසන් ඕවරයේදී අයර්ලන්ත පිලේ ඉතිරි කඩුලු දෙකම දැවී ගියෙන් ශ්‍රී ලංකා පිලට ලකුණු 02 ක තියුණු ජයක් අත්විය.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය ආසන්නයේ පිහිටි ස්ටෙලන්බොෂ් නම් සුන්දර ගම්මානයේදී මෙම තරගය පැවැත්විණ. ස්ටෙලන්බොෂ් යනු සරුසාර මිදිවතු වලින් ගහණ, සුන්දර කඳුවැටියක් පාමුළ පිහිටි අලංකාර ගම්මානයකි.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 20 කදී කඩුලු 5 ට 149 යි
(හර්ෂිතා මාධවී 56, චමරි අතපත්තු 27, විශ්මි ගුණරත්න 36, අනුෂ්කා සංජීවනී නොදැවී 17, ලෝරා ඩෙලනි 20/3)
අයර්ලන්ත කාන්තාවෝ - ඕවර 19.5 කදී සියලු දෙනා දැවී 147 යි
(ගැබී ලුවිස් 38, ලෝරා ඩෙලනි 21, ලුසී ලිට්ල් 11, ලියා පෝල් 15, අර්ලීන් නෝරා කෙලී 30, ඕෂධී රණසිං 22/3, ඉනෝකා රණවීර 26/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.