Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය සමත්විය. මෙම තරගය කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දක්වමින් අර්ධ ශතක රැස්කිරීමට මදුශාන් අසේල (84) සහ ළහිරු විජේරත්න (නොදැවී 65) සමත්වූ අතර මදුශාන් පරණවිතාන කඩුලු 7 ක් සහ දිල්ශාන් අරඹේගෙදර කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
මදුභාෂණ අබේරත්න (73), සහ චලිත චමෝද් (62) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන්ද සෞම්‍ය නිවන්තක කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන්ද සඳලංකා මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.
සඳලංකා ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 161
(චලිත චමෝද් 62, මදුභාෂණ අබේරත්න 24, මදුශාන් පරණවිතාන 60/5, දිල්ශාන් අරඹේගෙදර 37/3)
ශ්‍රී රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 81 කදී සියලුදෙනා දැවී ලකුණු 313
(මදුශාන් අසේල 84, ළහිරු විජේරත්න නොදැවී 65, තරිඳු ෆොන්සේකා 36, ජනිත් මෛත්‍රී 34, ක්‍රිශාන්ත කුමාර 23, මදුශාන් පරණවිතාන 21, සෞම්‍ය නිවන්තක 106/5, විනෝද් චතුරංග 93/2)
සඳලංකා ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 58.5 කදී සියලුදෙනා දැවී ලකුණු 186
(මදුභාෂණ අබේරත්න 73, බිනෝද් චතුරංග 35, සෞම්‍ය නිවන්තක 28, දිල්ශාන් අරඹේගෙදර 54/3, ළහිරු විජේරත්න 05/2, මදුශාන් පරණවිතාන 73/2)
ශ්‍රී රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 4.5 කදී කිසිවකු නොදැවී ලකුණු 38
(ළහිරු විජේරත්න නොදැවී 25)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.