අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක  විදුහල් ‘බී’ කණ්ඩායම සහ කුඩාබත්ගමුව ශ්‍රී රාජසිංහ මැදි විදුහල අතර බණ්ඩාරගමදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී රාජසිංහ මැදි විදුහල සමත් විය. 
එහිදී ශ්‍රී රාජසිංහ මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ පසිඳු රොෂාන් 21 කට කඩුලු 6 ක් දවාගනිමින් ඩී.එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 90 කට සීමා කිරීමට පුරෝගාමී විය.
	ඩී.එස්. සේනානායක  විදුහල් ‘බී’ කණ්ඩායමේ පළමු ඉනිම - ඕවර 36 කදී සියලු දෙනා දැවී 90 
	(පසිඳු රොෂාන් 21/6, හේෂාන් කෞෂල්‍ය 16/2) 
	ශ්‍රී රාජසිංහ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 39 කදී සියලු දෙනා දැවී 128 
	(ලක්ෂාන් ආලෝක 40, හේෂාන් කෞෂල්‍ය 32, සොහාන් යාපා 32/6, අකිල පෙරේරා 11/2, ලකිඳු චන්මාල් 19/2) 
	ඩී.එස්. සේනානායක  විදුහල් ‘බී’ කණ්ඩායමේ දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 2 ක් දැවී 52  
	(සොහාන් යාපා 23, හේෂාන් කෞෂල්‍ය 12/2) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.