Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කිරිඳිවෙළ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 58 ක ජයක් හිමිකර ගැනීමට රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හංස හිරන්ය ලකුණු 109 කට කඩුලු 11 ක් දවාගනිමින් රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.
ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.4 කදී සියලුදෙනා දැවී ලකුණු 355
(සසංක අභිමාන් 81, ලක්ෂාන් රුවන්ත 57, කසුන් ඉරංග 43, කවිඳු දුලාජ් 35, සුපුන් ධනංජය 28, ශෙහාන් ලක්ෂාන් 73/4, බුද්ධික ලක්ෂාන් 102/4, දුවිඳු නිශාන් 46/2)
කිරිඳිවෙළ ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී ලකුණු 120
(අශාන් මදුශංක 28, විභූති ප්‍රියාන් 25, කුශාන් කාවින්ද 20, හංස හිරන්ය 57/6, ධනුෂ්ක ලක්රුවන් 28/4)
කිරිඳිවෙළ ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 178
(විදූශ දිල්ශාන් 64, හර්ෂ රංගන 25, විභූති ප්‍රියාන් 20, හංස හිරන්ය 52/5, සචින්ත සඳරුවන් 22/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.