Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අවසන් පූර්ව වටයට
19න් පහළ ක්‍රිකට් තරගාවලිය

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අවසන් පූර්ව වටයට

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කෝට්ටේ සීඑම්එස් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය සමත්විය. කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පරාජය කරමින් කෝට්ටේ සීඑම්එස් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය කඩුලු 9 කින් ජයගත්තේය.

තරගයේ ජයග්‍රහණයට ලකුණු 31ක ඉලක්කයක් හිමිවූ අතර, එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 33ක් රැස්කළ කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයට කඩුලු 9ක ජයක් හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය වෙනුවෙන් මනුත් මල්සුක තුන් ඉරියව් දස්කම් දැක්වීය.

 

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම 145 යි
(පුන්සර නෙත්මිණ 44, සසිඳු අවිශ්ක 21, මනුත් මල්සුක 12/4, රනුක සන්දීප් 24/2)

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම 128 යි
(පුන්සර නෙත්මිණ 38, අරෝෂ ලෝචන 24, සනුග දන්තිල 23, නෙතුක සනුදය 21, නිශිත් ෂෙහෙංක 15/3, ටලීෂ සිල්වා 43/3,  රනුක සන්දීප් 18/2, මනුත් මල්සුක 41/2)

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය - පළමු ඉනිම 243 යි
(මනුත් මල්සුක 86, දහම් කෞශල්‍ය 36, අංජන නිදූෂ 21, ටලීෂ සිල්වා 21, රනුක සන්දීප් 20, ෂෙහංක අබේරත්න 32/3, ඔසඳ දිනුසර 54/2, හිරුන් ළිඳුල 25/2)

කෝට්ටේ සී.එම්.එස්. ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 33 යි


අදහස් (0)

ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.