Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 88 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත්විය. මෙම තරගය වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ විශ්ව චතුරංග (142) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තරිඳු පිරීස් ලකුණු 44 කට කඩුලු 8 ක් සහ කෞමාල් නානායක්කාර ලකුණු 111 කට කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.1 කදී සියලුදෙනා දැවී ලකුණු 323
(විශ්ව චතුරංග 142, තරිඳු පිරීස් 61, විනුජ රංපුල් 44, සනෝජ් ධර්ශික 27, කවීශ දුලාංජන 63/3, මදුක හෙට්ටිආරච්චි 57/2, රශ්මික මෙවන් 74/2)
ශා. අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59 කදී සියලුදෙනා දැවී ලකුණු 123
(මදුක හෙට්ටිආරච්චි 54, රශ්මික මෙවන් 29, කවීශ දුලාංජන 22, කෞමාල් නානායක්කාර 57/5, නදුක ප්‍රනාන්දු 14/3, තරිඳු පිරීස් 15/2)
ශා. අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී ලකුණු 112
(අවිශ්ක තරිඳු 51, සුකිත ළහිරු 24, තරිඳු පිරීස් 29/6, කුංචන පෙරේරා 27/2, කෞමාල් නානායක්කාර 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.