Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු අකිබ්

වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු අකිබ්

editorial - 2024 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ ජුනි මාසයේදී බටහිර ඉන්දීය දූපත් සමූහයේදී සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු පාකිස්තානු වේග පන්දු යවන්නකු වන අකිබ් ජාවෙඞ් පත් කර තිබේ.

ජාවෙඞ් පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 163 කට සහ ටෙස්ට් තරග 22 කට ක්‍රීඩා කර ඇති අතර, ඔහු අන්තර්ජාතික කඩුලු 236 ක් දවාගෙන සිටින්නෙකි. 

පුහුණුකරු ලෙස සේවය ආරම්භ කරීමෙන් පසුව අකිබ් ජාවෙඞ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායමත් පුහුණු කළේය. එම කාලයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය එක්දින අන්තර්ජාතික තරග තත්ත්වය මෙන්ම විස්සයි-20 අන්තර්ජාතික තත්ත්වයද හිමිකර ගත් අතර වසර 2015 දී එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි විය. ඊට අමතරව අකිබ් ජාවෙඞ් ඇෆ්ඝනිස්ථානු සංවර්ධන සංචිතයේත් පුහුණුකරුවකු ලෙසින් කටයුතු කළේය. 

“අපි අකිබ් ජාවෙඞ්ව සාදරයෙන් පිළිගන්නවා. ක්‍රීඩකයකු වශයෙන් මෙන්ම පුහුණුකරුවකු වශයෙනුත් ඔහුගේ ජාත්‍යන්තර අත්දැකීම් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරඟවලදී අපේ ක්‍රීඩකයන්ගේ තත්ත්වය උසස් කිරීමට උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 

- 213 


අදහස් (0)

වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු අකිබ්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.