Last Update  :  2025-07-07 15:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වනිඳු එක්දින කඩුලු 100 යි - ලකුණු 1000 යි

වනිඳු එක්දින කඩුලු 100 යි - ලකුණු 1000 යි

editorial - 2025 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී වනිඳු හසරංග තවත් ලෝක වාර්තාවක් තමන් සතුකර ගත්තේය. ඒ අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් කඩුලු 100 ක් සහ ලකුණු 1000 ක් සම්පූර්ණ කරමිනි. 

සෙනසුරාදා පැවැති තරගයේදී මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම තන්වීර් ඉස්ලාම් හමුවේ ලකුණක් ලබාගත් වනිඳු හසරංග සිය 65 වැනි තරගයේදී එක්දින ලකුණු 1000 සම්පූර්ණ කළේය. ඒ වන විටත් කඩුලු 106 ක් ලබා සිටි දකුණත් පා දඟ පන්දු යවන්නා, අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් කඩුලු 100 සහ ලකුණු 1000 යුගලය සම්පූර්ණ කර සිටි දකුණු අප්‍රිකානු ජාතික ෂෝන් පොලොක්ගේ (තරග 68) ලෝක වාර්තාව තමන් සතුකර ගත්තේය. 

සෙනසුරාදා තරගයේදී ලබාගත් ලකුණු 13 ත්  සමගින් වනිඳු හසරංග සතු එක්දින ලකුණු සංඛ්‍යාව 1012 කි. 

කඩුලු 100 සහ ලකුණු 1000 යුගළය තුන් ඉරියව් ක්‍රීඩකයකුගේ සුව්ශේෂී කඩඉමකි. 

එක්දින තරග වලදී එම යුගළය සම්පූර්ණ කළ ලෝකයේ 70 වැනි ක්‍රීඩකයා වන්නේ වනිඳුය. කෙසේ වෙතත් පළමු එක්දින තරගයේදී ලකුණු 22 කට දැවී නොයන්නට, එහිදී තවත් එක ලකුණක් ලබාගත්තේ නම් එකම තරගයකදී කඩුලු 100 ත් ලකුණු 1000 කඩඉමත් පසුකළ ලෝකයේ දෙවැනි ක්‍රීඩකයා වීමේ අවස්ථාව වනිඳුට තිබිණ. එවන් හපන්කමක් කළ ලෝකයේ පළමු වැන්නා ෂෝන් පොලොක්ය. 

 


අදහස් (0)

වනිඳු එක්දින කඩුලු 100 යි - ලකුණු 1000 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.