Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වත්තල ලයිසියම්ට කඩුලු 3 ක ජයක්

වත්තල ලයිසියම්ට කඩුලු 3 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් හිමිකර ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත්විය. මෙම තරගය ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් පසිඳු කමේෂ් ද ජාඇල ක්‍රිස්ට් කිංග් විද්‍යාලය වෙනුවෙන් පසිඳු මලිත් සහ ළහිරු සිල්වා කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 102
(ළහිරු පිරීස් 36, ළහිරු සිල්වා 31, තීරක රණතුංග 04/4, ඉමන්ත ප්‍රනාන්දු 10/2, දිල්ශාන් ජයවර්ධන 27/2)

ලයිසියම් පාසල - පළමු ඉනිම - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී ලකුණු 63
(පසිඳු මලිත් 18/5, ළහිරු සිල්වා 42/5)

ක්‍රිස්ට් කිංග් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 97
(ධනංජය ප්‍රනාන්දු 40, පසිඳු කමේෂ් 30/5, ඉමන්ත ප්‍රනාන්දු 37/3, ජීවිතන් මහේෂ්වරන් 08/2)

ලයිසියම් පාසල - දෙවැනි ඉනිම - ඕවර 30.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 137
(හසිත ගුණසිරි නොදැවී 41, දිල්ශාන් ජයවර්ධන 37, තීරක රණතුංග 23, නිසල් මෙන්ඩිස් 32/3, මලින්ද පෙරේරා 40/3)


අදහස් (0)

වත්තල ලයිසියම්ට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.