Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වංශාධිපතිවරුන්ගේ සටන 1- 2 රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී

වංශාධිපතිවරුන්ගේ සටන 1- 2 රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී

editorial - 2024 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර ඇලෝසියස් විද්‍යාලය සහ රත්නපුර නව නගරයේ කුමර විද්‍යාලය අතර පැවැත්වෙන වංශාධිපතිවරුන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මාර්තු මස 01සහ 02 දිනයන්හිදී රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගනයදී පැවැත්වේ.

මෙවර වංශාධිපතිවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟයදී ඇලෝසියස් විද්‍යාලීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුහින අනුහස් ඉන්ද්‍රජිත්ට පැවරී තිබේ. මෙම මහා ක්‍රිකට් තරඟයේදි කුමර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබනුයේ ඔවිඳු රාජපක්ෂ විසිනි.

වසර 2018 දී ඇලෝසියස් - කුමර විදුහල් අතර  වංශාධිපතිවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරඟය ආරම්භ විය. පළමු වරට විද්‍යාල දෙක අතර පැවති මහා ක්‍රිකට් තරඟයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ඇලෝසියස් විද්‍යාලයට හිමිවූවත්, එම තරඟය ජයපරාජයෙන් තොරව නිමාවිය. ඉන් පසුව කොරෝනා වසංගතය නිසා වසර කීපයක් තරඟ පැවත්වීම සිදුනොවුණි.

වසර 2023 දී යළිත් ආරම්භ කරන ලද තරගයද ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරඟ වාරයේ රත්නපුර ඇලෝසියස් විද්‍යාලය තරඟ 6 කදී ඉනිම 12කින් ශතක දෙකක් සමඟ ලකුණු 323 ක් රැස්කිරීමට තුහින අනුහස් ඉන්ද්‍රජිත් සමත්ව සිටී. චානුක ධනංජය අභයසේන අර්ධ ශතක 4 ක් සමඟ ලකුණු 392ක් ලබාගැනීමට සමත්විය. කල්ප භානුක විශ්වනාත් තරඟ 6කදී කඩුලු‍ 23 ක් බිඳ හෙළා ඇත.

කුමර විදුහල වෙනුවෙන් මෙවර තරඟ වාරයේ තරඟ 6ක ඉනිම් 12 කදී ඔවිඳු රාජපක්ෂ අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 345 ක් ලබාගෙන සිටී.  තේජාන් ජයරත්න ලකුණු 338 ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 3ක් ද සහිතවය. දිල්සර උදාන තරඟ 6ක ඉනිම් 12කදී කඩුලු‍ 28 ක්ද, හංසක ලෝරන්ස් කඩුලු‍ 24 ක්ද දවාගැනීමට සමත්ව සිටිති.

 

කුමර විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ වමේ සිට මධුක එදිරිසිංහ, මුදිත දම්මිත්, හංසක ලෝරන්ස්, දිල්සර උදාන ( උප නායක), කේ.එන්.කරුණාරත්න මහතා (නියෝජ්‍ය විදුහල්පති), මාපා මලින්ද මහතා (සහය පුහුණුකරු), චමින්ද සුපුන් මහතා (ප්‍රධාන පුහුණුකරු), පියසිරි කාරියවසම් පතිරගේ මහතා (විදුහල්පති), ගයාන් තිලකරත්න මහතා (ක්‍රීඩා අංශ ප්‍රධාන), නිමේශ් වීරසිංහ මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර) ඔවිඳු රාජපක්ෂ (නායක), මලීෂ තේජාන් ජයරත්න, මොහොමඩ් මින්හජ් සහ මොහොමඩ් රියාස්

පසුපෙළ වමේ සිට සතික දම්සිත්, සිතුම් දිදුලංක, යසික දිල්ශාන්, මධුරංග ධර්මදාස, නිම්න සිහිලැල් බාලසූරිය, කෙහාන් රත්නායක, ගිම්හාන් ආදිත්‍ය, කෝකිල ගයන, මිහිරංග කෝසල, පසිඳු මල්ශාන්, තිනුක රාජපක්ෂ, නිපුන් ලක්ෂිත, වරුණ කල්හාර

 

ඇලෝසියස් විදුහල් කණ්ඩායම: ඉදිරිපෙළ වමේ සිට - නන්දන උදයකුමාර මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය), හේමචන්ද්‍ර නානායක්කාර මහතා (නියෝජ්‍ය විදුහල්පති - ක්‍රීඩා හා විනය සමගාමී), චානුක ධනංජය අභයසේන, රවීන්ද්‍ර කොස්වත්ත මහතා (නියෝජ්‍යවිදුහල්පති), කල්ප භානුක විශ්වජිත්, ඩී.එම්.මද්දුම බණ්ඩාර මහතා (විදුහල්පති), තුහින අනුහස් ඉන්ද්‍රජිත් (කණ්ඩායම් නායක), නයනජිත් ක්‍රිශාන්ත මහතා (ක්‍රීඩා අංශ ප්‍රධාන), කවීෂ නෙත්මිණ විමලසිරි, අතුල කුමාර මහතා (පුහුණුකරු),

දෙවන පෙළ වමේ සිට අශේන් උදයංග, උදීර ජයතිලක, සිතිජ ලක්ෂාන්, හිරුෂ කේතක, මලිඳු ජිනප්‍රිය කුරුප්පු, කවිඳු දිල්ශාන් කුමාරසිංහ, අසිඳු දෙව්මිණ කුමාරසිංහ, ඔචින්ත ජයමිත් රණවීර, සත්සර කහටගහවත්ත, තිසරු පබසර ගමගේ, භානුක ජනිත්ප්‍රිය කරුණාරත්න සහ  ලෝචන සහස්


අදහස් (0)

වංශාධිපතිවරුන්ගේ සටන 1- 2 රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.