‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත්විය. මෙම තරගය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තුන්ඉරියව් දස්කම් දැක්වූ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ මෙදුනක විජේතිලක (80) අර්ධ ශතකයක් සහ කඩුලු 7 ක් දවාගනිමින් තම පාසල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශා.තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 22.1 කදී සියලුදෙනා දැවී ලකුණු 69
(ශෙහාන් අවන්‍ද්‍ය 37, දුමිඳු ඉමන්ත 34/5, මෙදුනක විජේතිලක 04/4)
විද්‍යාර්ථ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 261
(මෙදුනක විජේතිලක 80, නවෝද් දිම්සිත් 34, හේෂාන් එරන්ද 33, කසුන් කරුණාතිලක 29, චතුරංග දිල්ශාන් 25, ඉසුරු ප්‍රබෝද 20, ඉසුරු දොඩන්තැන්න 41/3, ශෙහාන් අවන්ත 94/3)
ශා.තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 78.3 කදී සියලුදෙනා දැවී ලකුණු 240
(ඉසුරු දොඩන්තැන්න 90, ශෙහාන් අවන්‍ද්‍ය 64, ශමින්ද මදුශංක 32, ඉශාන් සංගීත් 18/4, මෙදුනක විජේතිලක 76/3, කසුන් කරුණාතිලක 36/2)
විද්‍යාර්ථ විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 52
(ශෙහාන් අවන්‍ද්‍ය 94/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.