අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීගමුව මාරිස්ටෙලා විදුහල සහ මීගමුව ලොයෙලා විදුහල අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී ලොයෙලා විදුහලේ සංජන ජන්ස (55) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ආලෝක නිමේෂ් සහ බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
	
	මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 103
	(ලෙවින් ප්‍රනාන්දු 18, ආලෝක නිමේෂ් 12/4, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 19/4, ජයංග පීරිස්පුල්ලේ 36/2)
	ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 33 කදී කඩුලු 5 ක් දැවී 157
	(සංජන ජන්ස 55, නදීෂ රාජකරුණා නොදැවී 42, ආලෝක නිමේෂ් නොදැවී 21, පසන් ලියනගේ 45/2, ආලෝක සිල්වා 63/2)
මාරිස්ටෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 18 කදී කඩුලු 3 ක් දැවී 37
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.