Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සංශෝදිත නව කාලසටහන ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව මේ මස 26 වැනිදා සිට දෙසැම්බර් 16 දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතය.
කලින් පැවැති සැලැස්ම අනුව මහනුවර පල්ලේකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණ දෙකේදී තරගාවලිය පැවැත්වීමට සූදානම් කර තිබුනද නව කාල සටහනට අනුව සියළු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
සමාරම්භක උත්සවය 26 වනදා පස්වරු 3.30 ට පැවැත්වෙන අතර, එදිනම පස්වරු 7.30 ට කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර පළමු තරගය පැවැත්වේ. මූලික වටයේ තරග දෙසැම්බර් 11 වැනිදා අවසන් වන අතර, පළමු අවසන් පූර්ව තරගය දෙසැම්බර් 13 වනදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වනදාත් පැවැත්වීමට නියමිතව ඇත.
නිකුත් කළ තරග කාලසටහනට අනුව අවසන් මහා තරගය සඳහා අතිරේක දිනයක් වෙන්කර තිබුණද නව කාලසටහට අනුව අතිරේක දිනයක් වෙන්කර නැත.
අවසන් මහා තරගය දෙසැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිතව ඇත. අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය රාත්‍රී 7.30 ට ආරම්භ කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.