Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රොහාන් කළුතර තිස්සට ජයගෙනෙයි

රොහාන් කළුතර තිස්සට ජයගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 195 ක ජයක් හිමිකර ගැනීමට කළුතර තිස්ස විද්‍යාලය ඊයේ (06 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර තිස්ස විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පන්දුයැවීමක නිරතවූ කළුතර තිස්ස විද්‍යාලයේ රොහාන් සංජය ලකුණු 77 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඔහුට අනගි සහයක් දැක්වූ රොහාන් සංජය ලකුණු 61 කට කඩුලු 7 ක් දවාගත්තේය.


අනුරාධපුර ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(හේෂාන් සෙනිර 55, චමෝද්‍ය ඉඳවර 34, අශ්මික ප්‍රබෝධන 27, රොහාන් සංජය 60/5, තාරක සඳරුවන් 34/3)

තිස්ස විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 60.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 415
(යොහාන් රශ්මික 72, නිලුපුල් දර්ශන 71, කෝසල රවිඳු 64, රොහාන් සංජය 55, රමේෂ් මදුශංක 51, ලසිත් ද සිල්වා 40, තාරක සඳරුවන් නොදැවී 31, මදුරංග ශ්‍රී 139/3, සිතුම් නිලුමින්ද 52/2)

අනුරාධපුර ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.4 කදී සියලුදෙනා දැවී ලකුණු 54
(රොහාන් සංජය 17/6, තාරක සඳරුවන් 27/4)


අදහස් (0)

රොහාන් කළුතර තිස්සට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.