Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්තාන් පිලේ බලාපොරොත්තු ඉහළ යයි
අයි.පී.එල්.- 2022

රාජස්තාන් පිලේ බලාපොරොත්තු ඉහළ යයි

editorial - 2022 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ට්‍රෙන්ට් බෝල්ට් (18/2) ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 63 වැනි තරගය ලකුණු 24 කින් ජය ගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය.

මෙම ජයග්‍රහණයත් සමගින් කඩයිම් වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා රාජස්තාන් රෝයල්ස් පිලේ බලාපොරොත්තු ඉහළ නැගුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 154 ක් පමණි.

දීපක් හූඩා පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 59 ක් රැස්කළද එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. කෘණාල් පාණ්ඩ්‍යා ලකුණු 25 ක් සහ මාකස් ස්ටොයිනිස් ලකුණු 27 ක් ලබාගත්තේය.

සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ටේ‍රන්ට් බෝල්ට් සමත්වූ අතර ප්‍රසිද් ක්‍රිෂ්ණා සහ ඔබෙඞ් මැකෝයි ද කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබාගත්තේය.

යශස්වී ජයිස්වාල් පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 41 ක් ද, දෙව්දූත් පඩික්කල් පන්දු 18 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් ද ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

රවී බිෂ්නෝයි ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ටේ‍රන්ට් බෝල්ට් තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.

රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 178
(යශස්වී ජයිස්වාල් 41, සංජු සැම්සන් 32, දෙව්දූත් පඩික්කල් 39, රවී බිෂ්නෝයි 31/2)

ලක්නව් සුපර් ජයන්ට්ස්  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 154
(දීපක් හූඩා 59, කෘණාල් පාණ්ඩ්‍යා 25, මාකස් ස්ටොයිනිස් 27, ටේ‍රන්ට් බෝල්ට් 18/2, ප්‍රසිද් ක්‍රිෂ්ණා 32/2, ඔබෙඞ් මැකෝයි 35/2)


අදහස් (0)

රාජස්තාන් පිලේ බලාපොරොත්තු ඉහළ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.