Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීයයෝ 15 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති

රාජකීයයෝ 15 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති

editorial - 2023 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)  

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 15 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. කොළඹ වෙස්ලි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී කොළඹ ඉසිපතන විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමින් රාජකීයයෝ ශූරතාවට හිමිකම් කීහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉසිපතන විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 120 ක් ලබාගත් අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය විදුහල තරගය නිමාවන විට කඩුලු 2 ක් දැවී ලකුණු 143 ක් ලබා සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ හිරුන් මතීෂ පන්දු 116 කදී හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 95 ක් රැස්කළේය.

අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහල පරාජය කරමින් රාජකීය විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉසිපතන විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමිනි.


ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 9 කට 120
(ජනිඳු ඉඳුවර 25, නවිඳු හෙට්ටිආරච්චි 25, ඔෂාන් සුලක්ෂන 13/3, සෙහදු සූරියාරච්චි 24/3)
 
රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 29.3 කදී කඩුලු 2 කට 143
(හිරුන් මතීෂ 95, සෙහදු සූරියාරච්චි නොදැවී 17, දසිත් සෙනාල් 35/2)

 


අදහස් (0)

රාජකීයයෝ 15 න් පහළ ක්‍රිකට් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.