Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය - සා. තෝමස් තරගය ආයෙත් කල්යයි

රාජකීය - සා. තෝමස් තරගය ආයෙත් කල්යයි

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දැනට රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජකීය සහ සාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබූ 142 වැනි නිල් මහ සටන දින නියමයක් නැතිව කල්දමා තිබේ. මේ සම්බන්ධයෙන් විදුහල් දෙකේම අධිපතිවරුන් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.
 
මෙම තරගය ලබන (සැප්තැම්බර්) මාසයේ 9, 10 සහ 11 දිනවලදී ප්‍රේක්‍ෂකයන් නොමැතිව හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කලින් තීරණය කරගෙන තිබිණ.

“වර්තමානයේදී රට මුහුණ දී සිටින අතිශය දරුණු සෞඛ්‍ය තත්ත්වය සහ ඩෙල්ටා වයිරසය පැතිරීම නිසා ඇතිව තිබෙන මානුෂීය අපහසුතා සලකා බලමින්, 142 වැනි රාජකීය - සා. තෝමස් ‘නිල් මහ සටන’ නැවත වරක් කල්දැමීමට තරගයේ ඒකාබද්ධ සංවිධාන කමිටුව සහ අප තීරණය කර ඇත. ඒ සඳහා අපගේ ක්‍රීඩා පාලක මණ්ඩලය සහ ක්‍රිකට් උපදේශන මණ්ඩලවල ද අනුමැතිය හිමිවී තිබේ.” යයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වේ.


විදුහල් දෙකෙහිම විද්‍යාලාධිපතිවරුන් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය පහත දැක්වේ.


අදහස් (0)

රාජකීය - සා. තෝමස් තරගය ආයෙත් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.