Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 61 වැනි තරගය ලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පූනේහි මහාරාෂ්ඨ ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 54 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 13 කට සහාගිවී සිටින කොල්කටා කණ්ඩායම එහිදී ලැබූ 6 වැනි ජය මෙය විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 178 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 123 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඔන්ඩ්‍රි රසල්, සිය ඕවර 4 ලකුණු 22 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර ටිම් සවුති ලකුණු 23 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
ආරම්භක පිතිකරු අභිෂේක් ශර්මා පන්දු 28 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 43 ක්ද, ඒඩ්න් මාක්‍රම් පන්දු 25 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 32 ක්ද රැස්කළ නමුත් හයිද්‍රාබාද් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට තරම් එම ඉනිම් ප්‍රමාණයත් නොවීය. පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට මත්තෙන් දැවී යෑමද ඔවුන්ට විශාල පාඩුවක් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 177 ක් ලබාගත් අතර ඉනිමේ අවසන් කොටසේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඔන්ඩ්‍රි රසල් පන්දු 28 කින් නොදැවී ලකුණු 49 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. සෑම් බිලිංග්ස් (34) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රසල් සමත් විය.
පන්දු 29 කදී වාර්තා වූ බිලිංග්ස්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරු අජින්ක්‍යා රහනේ පන්දු 24 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 28 ක්ද, නිතිෂ් රානා පන්දු 16 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක්ද රැස්කරමින් කොල්කටා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ඔවුන් දෙදෙනාම දැවී ගියේ උම්රාන් මලික්ගේ පන්දු හමුවේ ශාෂන්ක් සිං අතට උඩ පන්දු දෙමිනි.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 177
(අජින්ක්‍යා රහනේ 28, නිතිෂ් රානා 26, ශ්‍රෙයාස් අයියර් 15, සෑම් බිංග්ස් 34, ඔන්ඩ්‍රි රසල් නොදැවී 49, උම්රාන් මලික් 33/3)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 123
(අභිෂේක් ශර්මා 43, ඒඩ්න් මාක්‍රම් 32, ඔන්ඩ්‍රි රසල් 22/3, ටිම් සවුති 23/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.