Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රයිගම් - පස්දුන් සටන 7-8 මතුගමදී

රයිගම් - පස්දුන් සටන 7-8 මතුගමදී

editorial - 2023 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මතුගම බන්දු තඹවිට)

මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ ශ්‍රී පාලි විද්‍යාලය අතර 5වන වරට පැවැත්වෙන ‘රයිගම් - පස්දුන් සටන’ නමින් හඳුන්වන මහා ක්‍රිකට් තරගය මෙම මස 7 සහ 8 දිනවලදී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

2017 වසරේ ආරම්භ වුණු මෙම මහා ක්‍රිකට් තරගයේ මුල් වසර දෙකේ මහා තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන්වූ අතර, කොරෝනා වසංගතය නිසා 2019 න් පසුව 2020 සහ 2021 වසර දෙකේ මෙම ක්‍රිකට් තරගය නොපැවත්විණි. 2019 වර්ෂයේ තරගය හොරණ ශ්‍රීපාලි කණ්ඩායම ජයග්‍රහණය කළ අතර, 2022 වසරේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර පැවැත්වෙන 5වන මහා තරගයේ දී මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල් කණ්ඩායම විහඟ සත්සර විසින් ද හොරණ ශ්‍රීපාලි විදුහල් කණ්ඩායම උපේක අමාන්ත විසින්ද මෙහෙයවනු ලබති.

 


මතුගම සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විදුහල:-
ඉදිරිපෙළ වමේ සිට:- දිනිල් ද අල්විස්, විහඟ සත්සර (නායක), චානක ඉහලහේවා (ක්‍රිකට් භාර ආචාර්ය), චන්දන ධර්මප්‍රිය (ක්‍රීඩා පරිපාලක), සුසන්ත වීරසිංහ (විදුහල්පති), ඉන්දික සුමනරත්න (නියෝජ්‍ය විදුහල්පති), සුමිත් සේනක (පුහුණුකරු) තනුෂ ෂෙහාන් (උපනායක), නන්සික දෙව්මිත්.
පසුපෙළ:- තිමේෂ මධුහංස, තරුෂ දිල්රංග, රවිඳු යශින්ත, මොහොමඩ් අබ්බාස්, දිනෙත් සෙව්මිණ, දිනුක නිම්සර, තියුගී ගමඇතිගේ, දිනුක සඳතරු, චමිත දෙනුවන්, සංක රුක්ෂාන්, පසිඳු මධුසංක, චමත් දෙව්මන්ත, පසන් පින්සර, බිහඳු නෙවන්.

 


හොරණ ශ්‍රීපාලි විදුහල:-
ඉදිරිපෙළ වමේ සිට:- පසිඳු කල්හාර, උපේක අමාන්ත (නායක), මහීප මධුසංඛ (ප්‍රධාන පුහුණුකරු) ලක්නා සෙව්වන්දි (ක්‍රිකට් භාර ආචාර්ය), ප්‍රියන්ති පෙරේරා (නියෝජ්‍ය විදුහල්පති), අනුෂා දමයන්ති (විදුහල්පති), චන්ද්‍රසේන මනතුංග (නියෝජ්‍ය විදුහල්පති) ප්‍රසාද් මධුසංක (ක්‍රිකට් භාර ආචාර්ය), සුසිරි කිඳෙල්පිටිය (සහාය පුහුණුකරු), ඩිෂාන් කාවින්ද (උපනායක), කවිෂ්ක වේලාතන්ත්‍රී.
දෙවන පෙළ:-
සංජුල නවෝද්‍ය, පූර්ණ අර්චන, පැතුම් උදයංග, අසේන් දෙව්සත්, සස්මික මල්ෂාන්, මිහිසර ජයසිංහ, දනුජ සේජාන්, දමිඳු ආදිත්‍ය, මනුජය චිරාත්, උදාර ගමගේ, ක්‍රිෂාන් කුමාර, යුමාල් යසින්ත, චිරාත් ඉමන්ජිත්, ෂෙහාන් දීමන්ත, ෂෙහාන් දිල්හාර, කසුන් සඳරුවන්.


අදහස් (0)

රයිගම් - පස්දුන් සටන 7-8 මතුගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.