Last Update  :  2024-04-27 18:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්මිණි සටන ජය පැරදුමෙන් තොරයි

රන්මිණි සටන ජය පැරදුමෙන් තොරයි

editorial - 2024 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ඡායාරූප සහ විස්තර රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය )

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර ගෙවී ගිය  සති අන්තයේදී පැවති 13 වැනි මහ ක්‍රිකට් තරගය (රන්මිණි සටන) ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මේ තරඟයේ කාසියේ වාසිය දිනාගත් පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ නායක රුසිරු බටේවෙල විසින් කළ ආරාධනය පරිදි සීවලී මධ්‍ය විද්‍යාලයේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසුණි. සීවලී මධ්‍ය විද්‍යාලය ලකුණු 122 ක් ලබාගත් අතර ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට මුල් ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 116 කි.

තරගය නතර කරන විට සීවලී මධ්‍ය විද්‍යාල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 94 ක් ලබා සිටියේය.

තරඟයේ පළමු දින පස්වරුවේදී වැස්සෙන් බධා පැමිණි බැවින් ගන්කන්ද මධ්‍ය විද්‍යාලය කඩුලු 3 කට ලකුණු 40 ක් ලබා සිටියදී තරගය තාවකාලිකව නතර කරන ලදි.

වසර 2010 දී ආරම්භවූ සීවලි - ගන්කන්ද රන්මිණි සටන මහා ක්‍රිකට් තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 9 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

පළමු ඉනිමදී ලකුණු 31 ක් රැස්කරගනිමින් පසුව කඩුලු 5 ක්ද බිඳහෙළූ රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ පසිඳු චාමිකර දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් සම්මාන ලැබීය. ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගත් පසිඳු චාමිකර දක්ෂතම පන්දු යවන්නාද විය. පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය කණ්ඩායමේ අදීශ අමන්ත හයේ පහරක් සහ හතරේපහර 3ක් සමගින්පළමු ඉනිමේලකුණු 32 ක් ලබාගෙන 2024 රන්මිණි සටන මහා ක්‍රිකට් තරඟයේ දක්ෂතම පිතිකරු ලෙසින් සම්මානයට පාත්‍රවිය.

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ සමීර ගමගේ දක්ෂතම  පන්දු රකීන්නා ලෙස සම්මාන දිනාගත්තේය.

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නීල් වතුකාරවත්ත සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සුධීර ෆොන්සේකා යන මහත්වරු සමග විද්‍යාල දෙකෙහි නියෝජ්‍ය විදුහල්පතිවරු ක්‍රිඩකයන් වෙත සම්මාන ප්‍රදානය කළහ.

 

සීවලි මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම - සියලු දෙනා දැවී 122 

(සනිජ නිඳුවර 12, චාමිකර ගුණතිස්ස 13, තමිඳු තිනෙත් 24, පසිඳු චාමිකර 31, උත්සර රණතුංග 10, සසිඳු අශාන් 10, හෂාන් මධුරංග 13/3, රුසිරු බටේවෙල 30/4) 

පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම - සියලු දෙනා දැවී 116 

(නිමේෂ් සත්සර 31, විශ්ව නවෝදන 12, අදීෂ ආමන්ත 32, පසිඳු චාමිකර 25/5, සසිඳු අශාන් 13/2) 

සීවලී මධ්‍ය විද්‍යාලය  දෙවැනි ඉනිම - කඩුලු 8 ට 94 

(තිසර සංකල්ප 15, සනිජ නිඳුවර 17, පසිඳු චාමිකර 17, උත්සර රණතුංග 16, විශ්ව නවෝදන 21/4) 


අදහස් (0)

රන්මිණි සටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.