Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රිච්මන්ඞ් විදුහලට ඉනිමක ජයක්

රිච්මන්ඞ් විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලූම් නානායක්කාරගේ දක්ෂ පිතිහරඹය සහ වරුණ දේශපි‍්‍රයගේ දක්ෂ පන්දුයැවීම හමුවේ අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 83 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත්විය.

ශාන්ත ඇල්වීෂියස් විදුහලට ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 151 ක් රැස්කිරීමට නියමිතව තිබුණද, ඔවුන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 67 ක් පමණි.

වරුණ දේෂපි‍්‍රය (18/5) සහ සවින් නානායක්කාර (18/4) එක්ව ඇල්වීෂියස් විදුහලේ දෙවැනි ඉනිම සුනුවිසුණු කර දැමූහ. ලකුණු 51 කට කඩුලූ 9 ක් දවාගත් වරුණ දේශපි‍්‍රය තරගයේ වැඩිම කඩුලූ ලාභියා බවටද පත්විය.

කැලූම් නානායක්කාර නොදැවී ලකුණු 116 ක් රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 242 ක් දක්වා ඔසවා තැබීය.

මෙය රිච්මන්ඞ් විදුහල මෙම තරග වාරයේදී ලද 6 වැනි පූර්ණ ජයග‍්‍රහණය වේ.


ශාන්ත ඇල්වීෂියස් විදුහල - පළමු ඉනිම - ඕවර 51.4 කදී 92
(දිල්රුක් අශේන් 38, නවිඳු නිර්මාල් 20, වරුණ දේශපි‍්‍රය 33/4, වනිඳු හසරංග 16/3, චමෝද් පි‍්‍රයමාල් 23/2)

රිච්මන්ඞ් විදුහල - පළමු ඉනිම - ඕවර 58 කදී කඩුලූ 7 කට 242
(කැලූම් නානායක්කාර නොදැවී 116, හසිත මධුෂාන් 63, සිතාර ගිම්හාන 24, රෂ්මික ධනංජය 75/3, චතුරංග කුමාර 46/2)

ශාන්ත ඇල්වීෂියස් විදුහල - දෙවැනි ඉනිම - ඕවර 26 කදී 67
(දිල්රුක් අශාන් 18, වරුණ දේෂපි‍්‍රය 18/5, සවින් නානායක්කාර 18/4)


- 036

 


අදහස් (0)

රිච්මන්ඞ් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.