Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යසීර් ෂා නැවතත් සංචිතයට
පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය

යසීර් ෂා නැවතත් සංචිතයට

editorial - 2022 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාව යටතේ ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ජේෂ්ඨ ක්‍රීඩක යසීර් ෂා නැවතත් කණ්ඩායමට කැඳවීමට පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

රතු පන්දුවෙන් සාර්ථක පන්දු යවන්නකු වූ යසීර් ෂාට අවසන් වසරක කාළය තුල ආබාධයන්ට ලක්වීම හේතුවෙන් කණ්ඩායමේ සිය ස්ථානය අහිමිව ගියේය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහු අවසන් වරට ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.

කෙසේ වෙතත් නැවතත් කණ්ඩායමේ ස්ථානයක් දිනාගෙන ඇති යසීර් ෂා ලබන මස 16 වැනිදා ඇරඹෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වනු ඇත.

අවසන් වරට (2015) පැවැති පාකිස්තානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී යසීර් ෂාගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරකයන්ට 2-1 ක තරගාවලි ජයක් හිමිවිය. පා දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ යසීර් ෂා එහිදී කඩුලු 24 ක් දවාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්විය. තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍යය 19.33 ක් විය.

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ පාකිස්තානු සංචාරයේදී සිය ස්ථානය අහිමිවු මොහොමඞ් නවාස් නැවතත් සංචිතයට කැඳවා ඇත.

තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් තුන් ඉරියව් ක්‍රීඩක සල්මාන් අලී අඝා ටෙස්ට් සංචිතයට එක්කර තිබේ. දකුණතින් පන්දුවට පහරදෙන සල්මාන් අලී පිට දඟ පන්දු යවන්නෙකි. පළමු පෙළ තරග වලදී ලකුණු 4224 ක් රැස්කර ඇති ඔහු කඩුලු 88 ක් ලබාගෙන ඇත.

අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේදී 55.56% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන අතර පාකිස්තානය 52.38% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබාගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ පසුවන්නේය.

ජුලී 6 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී තෙදින පුහුණු තරගයක් සඳහා සහභාගිවීමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය ජුලී 16 සිට 20 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ජූලි 24 සිට 28 දක්වාය.

පාකිස්තාන සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඞ් රිස්වාන්, අබ්දුල්ලා ශාෆික්, අසාර් අලී, ෆාහීම් අෂ්රෆ්, ෆවාඞ් අලාම්, හරිස් රාවුෆ්, හසන් අලී,් ඉමාම් උල් හක්, මොහොමඞ් නවාස්, නසීම් ෂා, නවුමාන් අලී, සල්මාන් අලී අඝා, සර්ෆරාස් අහ්මඞ්, සවුද් ශකීල්, ශහීන් අෆ්රිඩි, ෂාන් මසූඞ්, යසීර් ෂා.


අදහස් (0)

යසීර් ෂා නැවතත් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.