Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටු රන් හටන කල්යයි

මොරටු රන් හටන කල්යයි

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර 70 වැනි වරටත් පැවැත්වීමට නියමිතව තිබූ ‘මොරටු රන් හටන‘ මහ තරගය දින නියමයකින් තොරව කල්දැමීමට විදුහල් දෙකේම විදුහල්පතිවරු ඊයේ (12 වැනිදා) එකඟ වූහ. මෙම තරගය අද සහ හෙට  (13 සහ 14) දිනවල මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබිණ.

විදුහල් දෙක අතර 35 වැනි එක්දින තරගය ඉරිදා (15) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එක්දින තරගයද දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් රටේ දැනට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, විශේෂයෙන්ම රටේ සියලුම පාසල් වලට නිවාඩු දීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

නැවත පාසල් වාරය ආරම්භ වූ පසුව මෙම තරග දෙකම පැවැත්වීම සඳහා දින නියම කරන බව සංවිධායක මණ්ඩලය පවසයි.

 


අදහස් (0)

මොරටු රන් හටන කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.