අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සිල්වෙස්ටර් විදුහල සමත් විය. 
එහිදී විද්‍යාර්ථ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඔසද රාපක්ෂ ලකුණු 20 කට කඩුලු 4 ක්ද, අෂේන් දිසානායක ලකුණු 17 කට කඩුලු 3 ක්ද දවාගත්හ.
	විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 89 
	(අල්තාෆ් මොහොමඞ් නොදැවී 12, ඔසද රාපක්ෂ 20/4, අෂේන් දිසානායක 17/3) 
	සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 5 ක් දැවී 97 
	(වගීෂ හංසල 36, එමිල දිලුක්ෂාන් 31, චමත් තේනුක 22/2) 
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.