Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි පිතිකරුවෝ දිල්ලියේ බලාපොරොත්තු සුන්කරති
අයි.පී.එල්. - 2022

මුම්බායි පිතිකරුවෝ දිල්ලියේ බලාපොරොත්තු සුන්කරති

editorial - 2022 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 69 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර අද (21 වැනිදා) මුම්බායිහිදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. මෙම තරගයේදී ලැබූ පරාජයත් සමග දිල්ලි කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට පිවිසීමට තිබූ අවස්ථාව මඟහැරී ගියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ක්‍රීඩකය‍ෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ඉෂාන් කිෂන් පන්දු 35 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 48 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.

යොවුන් පිතිකරු ඩෙවෝල්ඩ් බ්‍රේවස් පන්දු 33 කදී හයේ් පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 37 ක්ද, ටිම් ඩේවිඩ් පන්දු 11 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 34 ක්ද රැස්කරමින් මුම්බායි කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සිය දායකත්වය සැපයූහ. තිලක් වර්මා පන්දු 17 කින් ලකුණු 21 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රෝමන් පවෙල් පන්දු 34 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 43 ක් රැස්කළේය. නායක රිෂාබ් පාන්ට් පන්දු 33 කදී ලකුණු 39 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා සිය ඕවර 4 ලකුණු 25 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය. ඊට රෝමන් පවෙල්ගේ කඩුල්ලද ඇතුළත් විය. දිල්ලි පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන් නවක ක්‍රීඩක රමන්දීප් සිං ලකුනු 29 කට කඩුලු 2 ක් බිඳහෙළුවේය.

 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 159
(ප්‍රිත්වි ෂෝ 24, රිෂාබ් පාන්ට් 39, රෝමන් පවෙල් 43, අක්සර් ‍පටේල් නොදැවී 19, ජස්ප්‍රීට් බුම්රා 25/3, රමන්දීප් සිං 29/2)

මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 19.1 කදී කඩුලු 5 කට 160
(ඉෂාන් කිෂන් 48, ඩෙවෝල්ඩ් බ්‍ර්වේස් 37, තිලක් වර්මා 21, ටිම් ඩේවිඩ් 34, ඇන්රික් නොකියා 37/2, ශර්ධුල් ඨාකුර් 32/2)

-036


අදහස් (0)

මුම්බායි පිතිකරුවෝ දිල්ලියේ බලාපොරොත්තු සුන්කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.