Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුබාරක්ගේ පන්දු රැකීම අවධානයට

මුබාරක්ගේ පන්දු රැකීම අවධානයට

සංජය එරමුදුගොඩ - 2015 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතවන පාකිස්තානු කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සඳහා හෙට (11 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියට පිවිසෙයි.

මෙම තරගය සඳහා කලකට පසුව ජෙහාන් මුබාරක්ට නැවතත් කැඳවීමක් ලැබී තිබේ. මුබාරක්ගේ මෙම කැඳවීමට හේතුව කණ්ඩායමට අවශ්‍ය පළපුරුද්ද එක්කිරීම සඳහා යයි තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතා පසුගියදා පැවැති පුවත් පත් සාකච්ඡවකදී පැවසීය.

මුබාරක්ගේ පන්දු රැකීම විශේෂඥ පුහුණුකරුවකු වන දකුණු අපි‍්‍රකානු ජාතික ජොන්ටි රෝඞ්ස් මහතාගේ අවධානයට ලක්වීම නිසා මුබාරක්ට තවමත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත විය හැකි යයි ජොන්ටි රෝඞ්ස් මහතාද පසුගියදා පවසා තිබිණ.

වසර 2002 දී බංග්ලාදේශ පිලට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට මුහුණ දුන් ජෙහාන් මුබාරක් මේ වන විට 34 හැවිරිදි වියේ සිටින වමත්, මැදපෙළ, පිතිකරුවෙකි. එහෙත් වසර 2007 සිට මුබාරක් ටෙස්ට් තරගයක් කී‍්‍රඩා කර නැත.

කෙසේ වෙතත් රොඞ්ස් මහතාගේ අදහස වන්නේ පන්දු රැකීම සම්බන්ධයෙන් ජෙහාන් මුබාරක් සතු අතිරේක හැකියාව කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ගේද මානසිකත්වය වර්ධනය කිරීමට ඉවහල් විය හැකි බවයි.

ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම ඊට පෙර පැවැති නවසීලන්ත තරගාවලියේදීත් ශී‍්‍ර ලංකා පිල අසාර්ථක වීමට ප‍්‍රබලතම හේතුවක් වූයේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වෙතින් තීරණාත්මක උඩපන්දු කිහිපයක් ගිළිහී යාමයි.

 


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ සංචිතය

කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, උපුල් තරංග, ජෙහාන් මුබාරක්, දිනේෂ් චන්දිමාල්, මිලින්ද සිරිවර්ධන, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප‍්‍රනාන්දු, නිසල තාරක, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩසේ, ධනංජය ද සිල්වා, මාලින්ද පුෂ්පකුමාර සහ බිනුර ප‍්‍රනාන්දු


පාකිස්තානු සංචිතය

මිස්බා උල් හක් (නායක), අසාර් අලි (උප නායක), මොහොමඞ් හෆීස්, අහමඞ් ෂෙශාඞ්, ෂාන් මසූඞ්, යුනිස් ඛාන්, අසාඞ් ශෆීක්, හැරිස් සොහේල්, සෆ්රාස් අහමඞ් (කඩුලූ රකින්නා), යසිර් ෂා, සුල්ෆිකාර් බාබර්, වහබ් රියාස්, ජුනයිඞ් ඛාන්, ඉම්රාන් ඛාන් සහ එශාන් අලි


අදහස් (0)

මුබාරක්ගේ පන්දු රැකීම අවධානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.