Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මීගමුව මාරිස්ටෙලාට ලකුණු 90 ක ජයක්

මීගමුව මාරිස්ටෙලාට ලකුණු 90 ක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ලකුණු 90 ක ජයක් හිහිකර ගැනීමට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කඳිරාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ පසිඳු උස්හෙට්ටි ඉනිම දෙකෙහිදිම කඩුලු 5 බැගින් දවාගනිමින් දවාගත් අතර රවිඳු ප්‍රනාන්දු වේල්ස් කුමර විද්‍යාලීය දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මොරටුව වේල්ස් කුමර විදුහලේ සවිඳු පිරීස් කඩුලු 8 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලුදෙනා දැවී ලකුණු 172

(මාර්ක් ප්‍රනාන්දු 41, කෙවින් පෙරේරා 38, ලසිත් කෲස්පුල්ලේ 21, රොෂේන් ප්‍රනාන්දු 21, කෞමාල් නානායක්කාර 43/4, මදුක ප්‍රනාන්දු 35/2, සවිඳු පිරීස් 58/2)

වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 116

(සුවත් මෙන්ඩිස් 25, අවිඳු ප්‍රනාන්දු 20, පසිඳු උස්හෙට්ටි 34/5, නවින් ප්‍රනාන්දු 30/3, මලින් ප්‍රනාන්දු 31/3)

මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36 කදී සියලුදෙනා දැවී ලකුණු 111

(රොෂේන් ප්‍රනාන්දු නොදැවී 33, ලසිත් කෲස්පුල්ලේ 23, සවිඳු පිරීස් 57/6, කෞමාල් නානායක්කාර 35/4)

වේල්ස් කුමර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 77
(විශ්ව පිරීස් 30, පසිඳු උස්හෙට්ටි 31/5, රවිඳු ප්‍රනාන්දු 25/5)


අදහස් (0)

මීගමුව මාරිස්ටෙලාට ලකුණු 90 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.