Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිතුරියන්ගේ සටන මංගල තරගය 1 දා

මිතුරියන්ගේ සටන මංගල තරගය 1 දා

editorial - 2024 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ ප්‍රජාපතීගෝතමී බාලිකා විද්‍යාලය හා වීරකැටිය සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලය අතර මිතුරියන්ගේ සටන මංගල වාර්ෂික එක් දින කාන්තා ක්‍රිකට් තරගය මාර්තු මස 1 වැනිදා වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ  ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ප්‍රජාපතීගෝතමී විද්‍යාලයීය ආදි ශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකා ඉනෝකා රණවීර මෙනවියගේ ප්‍රධානත්වයෙන් මේ මංගල තරගය පැවැත්වේ.

මේ මංගල එක් දින ක්‍රිකට් තරගයේ ප්‍රජාපතීගෝතමී විද්‍යාල කණ්ඩායම සසිනි උමේෂා විසින් ද සිංගප්පූරු මිත්‍රත්ව විද්‍යාලයීය කණ්ඩායම සිතුහාර තුල්නදි විසින් ද මෙහෙයවනු ලබති.

මෙම එක් දින ක්‍රිකට් තරගය වාර්ෂිකවම පැවැත්වීමට තීරණය කල බව විදුහල් දෙකේම විදුහල්පතිනිවරු කියති.

 

01.ප්‍රජාපතීගෝතමී විදුහල් කණ්ඩායම

 

02.සිංගප්පූරු මිත්‍රත්ව විදුහල් කණ්ඩායම


අදහස් (1)

මිතුරියන්ගේ සටන මංගල තරගය 1 දා
  • Imalsha Friday, 01 March 2024 10:47 AM

    සුබපැතුම්...!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.