Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැක්ස්වෙල් රතු පන්දුව අභියස

මැක්ස්වෙල් රතු පන්දුව අභියස

editorial - 2022 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආබාධිත ක්‍රීඩක ලැයිස්තුව තවත් දික්වීමත් සමගින් ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ග්ලෙන් මැක්ස්වෙල් කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

සිව්වැනි එක්දින තරගයේදී ට්‍රැවිස් හෙඩ් ආබාධයකට ලක්වීමත්, ඇෂ්ටන් ඒගාර් බදාදා (29 වැනිදා) ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ඉවත් වීමත් සමඟ, මැක්ස්වෙල් වසර පහකට පසු ප්‍රථම වතාවට රතු පන්දුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ටෙස්ට් තරග 7 කට පමණක් ක්‍රීඩා කර ඇති මැක්ස්වෙල් 2017 වසරේදී අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත. එමෙන්ම මැක්ස්වෙල් අවසන් වරට පළමු පෙළ තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2019 දීය.

ඇෂ්ටන් ඒගාර්ගේ ආබාධ තත්වය සුව අතට පත් නොවුනහොත් මැක්ස්වෙල් සමගින් මිචෙල් මාෂ්ට හෝ ජොෂ් ඉංග්ලිෂ්ට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිවීමේ තත්වයක් මේ වනවිට නිර්මාණයවී තිබේ.

ජෝන් හෝලන්ඩ්, මැතිව් කුනමන් සහ ටොඩ් මර්ෆි සිය ටෙස්ට් කණ්ඩායමට සහය ඔවුන්ගේ අත්දැකීම් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත, නමුත් දඟ පන්දු යවන මොවුන් තිදෙනාගෙන් කිසිවෙකුත් තවමත් ටෙස්ට් සංචිතයට එකතු කර නොමැත.

33 හැවිරිදි මැක්ස්වෙල් ක්‍රීඩා කළ ටෙස්ට් තරඟ හතම ඉන්දීය උපමහාද්වීපයේදී ක්‍රීඩා කර ඇත.


ඕස්ට්‍රේලියා ටෙස්ට් සංචිතය
පැට් කමින්ස් (නායක), ඇෂ්ටන් ඒගර්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරී, කැමරන් ග්‍රීන්, ජොෂ් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිෂ්, උස්මාන් කවාජා, ග්ලෙන් මැක්ස්වෙල්, මානස් ලැබුස්චේන්, නේතන් ලයන්, මිචෙල් මාෂ්, ස්ටීවන් ස්මිත්, මිචෙල් ස්ටාක්, මිදෙල් ස්වීප්සන්, ඩේවිඩ් වෝනර්.

තරග කාලසටහන
ජුනී 29 - ජුලී 3 - පළමු ටෙස්ට් තරගය, ගාල්ලේදී
ජුලී 8 - 12 - දෙවැනි ටෙස්ට් තරගය, ගාල්ලේදී

(ඡායාරූපය - හිමත් මතීෂ)


අදහස් (0)

මැක්ස්වෙල් රතු පන්දුව අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.