Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැංගුස් සටන අද – හෙට මොරටුවේ දී

මැංගුස් සටන අද – හෙට මොරටුවේ දී

editorial - 2024 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කළුතර සුනිල් තන්ත්‍රිආරච්චි සහ පානදුර සුමිත් පොතුපිටිය)

කළුතර විද්‍යාලය  සහ කළුතර තිස්ස  ජාතික පාසල අතර පැවැත්වීමට නියමිත 64 වන මැංගුස් සටන ලබන අද සහ හෙට (3 සහ 4) දෙදින මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

1949 වර්ෂයේ ආරම්භවූ මැංගුස් සටන තරගාවලියේ මෙතෙක් පැවති තරග 23 ක් කළුතර විද්‍යාලය ජයගෙන තිබේ.  තරග 6 ක් තිස්ස ජාතික පාසල විසින් ජයගනු ලැබ ඇත. මෙම මහා ක්‍රිකට් තරඟය කළුතර දිස්ත්‍රික්කයෙන් පිට ක්‍රීඩාංගණයකදී පැවැත්වෙන්නේ ප්‍රථම වරටය.

මෙවර තරගයේදී යුතික දිල්රුක් කළුතර විද්‍යාලයයීය කණ්ඩායමද හිරුෂ  නෙත්සර කළුතර තිස්ස ජාතික පාසල් කණ්ඩායමද මෙහෙයවති.

කළුතර විද්‍යාලයීය ජාතික පාසැල මෙම ක්‍රිකට් වාරයේදී තරඟ 12 කට සහභාගිවී ඉන් 5 ක් ජයග්‍රහනය කර ඇති අතර තරඟ 02 ක් ජය පැරදුමෙන් තොරව අවසන්වී ඇත . එම කංඩායමේ නායක යුතික දිල් රුක් ලකුණු 704 ක් ලබාගෙන ඇති අතර කඩුළු 40 ක්ද බිඳ හෙලා තිබේ . උප නායක උදාන් තේජනද කඩුළු 40 ක් බිඳ හෙලා ඇත .

කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ජාතික පාසැල් කංඩායමේ නායක හිරුෂ නෙත්සර මෙම පාසැල් ක්‍රිකට් වාරයේදී ලකුණු 648 ක් ලබා ඇති අතර උප නායක ඉෂාර මලිත් ලකුණු 648 ක්ද, හේසිත අනුහස් ලකුණු 748 ක්ද ,මලිඳු දිල්ශාන් කඩුළු 84 ක්ද ලබාගෙන ඇත .

දෙපිල අතර 14 වැනි වරට පැවැත්වෙන  එක්දින තරගය මැයි මස 5 දින පැවැත්වීමට නියමිතය. 

 

කළුතර විද්‍යාලයීය කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට
පමෝද් මධුභාෂණ , ලකිඳු නිම්සර ,බුද්ධික මධුශංක (පුහුණුකරු ) , ඉෂාන් රත්නායක (ක්‍රිකට් භාර ආචාර්‍ය ) , යුක්තික දිල්රුක් (නායක ), චතුරංග ප්‍රදීප් ලීලාරත්න (විදුහල්පති ), උදාන් තේජක (උප නායක ) සහ වර්ෂ හංසජිත් 
පසු පෙළ වමේ සිට දකුණට
රදීෂ තීක්ෂණ, රවිඳු තත්සර, ආකේෂ් සමින්ද, සචිත්‍ර ලියනගේ, දිනු කෞෂාල් , කෞෂිල අමෝද්‍ය, සෙවෝන් මලිඳු, නිතීක නාදව, යදීෂ පන්සර, ශීර්ෂ තාරක, උතුම් විහඟ, ලිවිරු නෙත්මින්, ගයුබ දිනෙත්, දේශාන් ආලෝක, විහඟ සපුමල්  සහ සෙනෙහස් දම්සර

 

කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය කණ්ඩායම


ඉදිරි පෙළ වමේ සිට
ආජිත් බුද්ධිල, හිරුෂ නෙත්සර (නායක), අවන්ත මධුශංක (පන්දු යැවීමේ පුහුණුකරු ), හේෂාන් ලක්ෂිත (සහය පුහුණුකරු ), එම් . ඉෂාන් (ක්‍රිකට් භාර ආචාර්‍ය ), දිනෙත් මාලිංග ජයතුංග (විදුහල්පති ), ඉරේෂා රණවීර (නියෝජ්‍ය විදුහල්පතිනි), චන්දන යසන්ත (ක්‍රීඩා සම්බන්ධීකාරක), රිෂාන් සජිත් සිල්වා (ප්‍රධාන පුහුණුකරු ), ක්‍රිශාන්ත නයාල් (ක්‍රිකට් උපදේශක), ඉෂාන් මලිත් (උප නායක )  සහ අෂාන් ශ්‍රීමත් .
පසු පෙළ වමේ සිට
හෂේන් ඉම්සර, පසිඳු නේත්‍රාංජන, මල්ෂ කවිෂාන්, අෂේන් ඉෂාර, සදෙව් දිල්ෂාන්, මනූෂ මලිත්, මලිඳු දිල්ෂාන්, රන්දික මිහිරංග, චමිදු ලක්ෂාන්, අමන්ත ආකේෂ්, ටිමින් විෂ්වික, හේසිත අනුහස්  සහ තරුක සමින්ජිත්


අදහස් (0)

මැංගුස් සටන අද – හෙට මොරටුවේ දී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.