Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාස් සිලූටා හයවැනි ජයත් ලබයි

මාස් සිලූටා හයවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී පවර්ටෙක් සිමෙන්ති පිල පරදවා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 25 ක ජයක් අත්කර ගැනීමට මාස් සිලූටා ‘ඒ’ පිල අද (04 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

වර්ෂාව හේතුවෙන් තරගයට බාධා ඇතිවූ අතර පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායමට ඕවර 42 කදී ලකුණු 242 ක ඉලක්කයක් හිමිවුවද ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 216 ක් පමණි.

මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් දෙනුවන් රාජකරුණා (81) සහ ශෙහාන් ප්‍රනාන්දු (55) අර්ධ ශතක ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර බුද්ධික සංජීව සහ දුශාන් හේමන්ත කඩුලු තුන බැගින් දවාගැනීමට සමත්වූහ.


මාස් සිලූටා - ඕවර 48.1 කදී සියලුදෙනා දැවී ලකුණු 270
(දෙනුවන් රාජකරුණා 81, ශෙහාන් ප්‍රනාන්දු 55, ඇන්ජලෝ එම්මානුවෙල් 44, දුශාන් හේමන්ත 29, චරන නානායක්කාර 21, සඳකැන් පතිරණ 12/2, කවිඳු බණ්ඩාර 42/2, ඩිලාන් චන්දිම 42/2, මනෙල්ක ද සිල්වා 68/2)

පවර්ටෙක් සිමෙන්ති - ඕවර 35.1 කදී සියලුදෙනා දැවී ලකුණු 216
(මනෙල්ක ද සිල්වා 88, සඳකැන් පතිරණ 31, බුද්ධික සංජීව 60/3, දුශාන් හේමන්ත 35/3, ඇන්ජලෝ එම්මානුවෙල් 29/2)

 


අදහස් (0)

මාස් සිලූටා හයවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.