Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාගලු සටන 22 දා නිකවැරටියේදී

මාගලු සටන 22 දා නිකවැරටියේදී

editorial - 2023 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

නිකවැරටිය නගරයේ ප්‍රධාන පාසැල් දෙකක් වන මහසෙන් ජාතික පාසල සහ ජයන්ති මධ්‍ය විද්‍යලය අතර මහ ක්‍රිකට් තරගය මේ මස 22 දා නිකවැරටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ .

ප්‍රථම වතාවට පවත්වනු ලබන මෙම මහ ක්‍රිකට් තරගය "මාගලු සටන" යනුවෙන් හැඳින්වෙයි. විදුහල් දෙකේ ආදි සිසුහු මෙම තරගය සංවිධානය කරති.

තරගය ජයගන්නා කණ්ඩායමට මුදලින් රුපියල් ලක්ෂයක් සහ කුසලානයක් පිරිනැමේ. තරඟයේ වීරයාට, දක්ෂතම පන්දු රකින්නාට සහ දක්ෂතම පිතිකරුවාට ද කුසලාන පිරිනමන බවද සංවිධායකයෝ කියති.

නිකවැරටිය නගරයේ ඇති ප්‍රධාන පාසැල් දෙක අතර අනෝන්‍ය සුහද තාවය වැඩි දියුණු කිරීමටත් ක්‍රීඩා කෞශල්‍ය නංවා ලීමටත් දිවයිනේ ප්‍රධාන නගර වලට සීමා වී ඇති මහ ක්‍රිකට් තරග අත්දැකීම නිකවැරටියේ පාසැල් දරුවන්ට ලබාදීමටත් මෙය සංවිධානය කළ බව සංවිධායකයෝ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසූහ.

මාධ්‍ය හමුව සඳහා ජයන්ති මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිි ඩබ්. එම්. එස්. අනුරුද්ධ මහතා සහ මහසෙන් ජාතික පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිි ටී. එම්. ටී. බන්නැහැක මහතාද, පාසැල් දෙකෙහිම ක්‍රීඩා පුහුණු කරුවෝ සහ කණ්ඩායම් නායකයෝ ද සභාගි වූහ.


අදහස් (0)

මාගලු සටන 22 දා නිකවැරටියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.