Last Update  :  2025-07-07 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල තුවාල ලබා ආපසු එයි

මහේල තුවාල ලබා ආපසු එයි

ශනුක අරවින්ද - 2014 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, ඇගිල්ලක ඇතිවූ ආබාධයක් නිසා නැවතත් දිවයිනට පැමිණෙයි.

පුහුණුවීම් කරමින් සිටියදී මහපට ඇගිල්ල සහ දබරැගිල්ල අතර බන්ධනය ඉරී යාම නිසා මහේල ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. ශී‍්‍ර ලංකා - බංග්ලාදේශ විස්සයි:20 තරගාවලිය මෙන්ම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියද මහේලට අහිමි වනු ඇත.

මේ මස 25 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියටද මහේලගේ සහභාගිත්වය සැක සහිත නමුත් බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත වි:20 ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ තරග ආරම්භ වීමට තවත් දින 40 ක් පමණ ඉතිරි වී තිබේ.
 


අදහස් (0)

මහේල තුවාල ලබා ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.