Last Update  :  2025-07-23 15:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල එංගලන්තයට බෑ කියයි

මහේල එංගලන්තයට බෑ කියයි

editorial - 2022 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර සඳහා ලැබුණු ආරාධනාවක් ශ්‍රී ලංකාවේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එංගලන්ත කණ්ඩායමේ හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා තනතුරෙන් ඉවත් කිරීමත් සමගින් එංගලන්ත පුහුණුකරු ධූරය හිස්ව තිබේ.

මේ වනවිට එංගලන්ත කණ්ඩයමේ තාවකාලික පුහුණුකරුවා වශයෙන් පෝල් කොලින්වුඩ් මහතා කටයුතු කරන නමුත් එංගලන්තය ප්‍රධාන පුහුණුකරුවකු සොයමින් සිටී.

මහේල ජයවර්ධන මහතා මීට පෙරත් එංගලන්ත කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරුවකු ලෙසින් කටයුතු ක ඇති නමුත් එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය බාරගන්නා ලෙස ලැබුණු ආරධනාව ප්‍රතික්ෂේප කර ඇත. වසර කිහිපයක සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරන ජයවර්ධන මහතා දිගින් දිගටම කියා සිටියේ ජාතික කණ්ඩායමක පුහුණුකරු තනතුර බාරගැනීමට තමන්ගේ අදහසක් නැති බවයි.
 
අන්තර්ජාතික ආරංචි මාර්ග වලට අනුව, මෑතකදී එංගලන්ත කණ්ඩායමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති රොබට් කී මහතා එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු තනතුර බාරගැනීම සම්බන්ධයෙන් ජයවර්ධන මහතාගෙන් විමසීමක් කර ඇත. එහෙත් සිය පවුලේ සාමාජිකයන් සමගින් වැඩි කාලයක් ගතකිරීමේ අවශ්‍යතාව නිසා ජයවර්ධන මහතා එම ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ.

ජයවර්ධන මහතා මෙන්ම මේ වන විට දිල්ලි කැපිටල්ස් පිලේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන, ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං මහතාද එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරුවා වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබේ.

- 213


අදහස් (1)

මහේල එංගලන්තයට බෑ කියයි
  • MIKE helmut Saturday, 23 April 2022 12:47 PM

    එංගලන්ත පුහුණුකරුට සුදුසුම පුද්ගලයා පෝල් කොලින්ග්වුඩ් මහතායි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.