Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහනුවර ත්‍රිත්ව අවසන් තරගයට

මහනුවර ත්‍රිත්ව අවසන් තරගයට

editorial - 2024 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොසේ ‘ඒ‘ කාණ්ඩයේ  දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය. පසුගිය වර සම ශූරතාව දිනාගත්තේත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි. 

බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට 
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන්  දිමන්ත මහවිතාන (68), වතිල උදාර (45), මනුල කුලරත්න (38) සහ සුපුන් වඩුගේ (23) පිත්තෙන් දස්කම් දැක්වූ අතර දිනුක තෙන්නකෝන් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය.

ලබන 8, 9 සහ 10 යන දිනවලදී කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරග වදිනු ඇත.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම  228 යි
(දිමන්ත මහවිතාන 68, වතිල උදාර 45, මනුල කුලරත්න 38, සුපුන් වඩුගේ 23, ඉනුක කරන්නාගොඩ 71/6, කූජන පෙරේරා 27/3)

කොළඹ මහානාම විද්‍යාලය - පළමු ඉනිම 194 යි 
(රශ්මික පෙරේරා නොදැවී 90, දුල්නිත් සිගේරා 31, දිනුක තෙන්නකෝන් 44/5, මනුල කුලරත්න 30/2)   


අදහස් (0)

මහනුවර ත්‍රිත්ව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.